ගල් අඟුරු නෞකා 03ක් දිවයිනට (වීඩියෝ)

Sunday, 19 March 2023 - 14:25

%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%9F%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F+03%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ගල් අඟුරු මෙට්‍රික් ටොන් 180,000ක් රැගත් ගල් අඟුරු නෞකා 03 ක් මේ වන විට (19) දිවයිනට ළඟා වී තිබෙනවා.

ලංකා ගල් අඟුරු සමාගම සඳහන් කළේ ඒ අනුව මේ වනවිට ඇණවුම් කර ඇති ගල් අඟුරු නෞකා 30න් නෞකා 19ක් මෙරටට පැමිණ ඇති
බවයි.

පසුගිය 16 වනදා දිවයිනට පැමිණි 17 වන ගල් අඟුරු නෞකාවේ ගල් අඟුරු තොග ගොඩබෑමේ කටයුතු මේ වන විට සිදුකෙරෙන බවයි ලංකා ගල් අඟුරු සමාගම සඳහන් කළේ තවත් නෞකා තුනක ගල් අඟුරු ගොඩබෑමේ කටයුතු හෙට (20) දිනයේදී ආරම්භ කිරීමට නියමිතයි.

අදාළ නෞකා තුනෙන් පමණක් රැගෙනවිත් ඇති ගල් අඟුරු තොගය මෙට්‍රික් ටොන් 180,000ක්.

ඊට අමතරව තවත් ගල් අඟුරු නෞකා 03ක් මේ වන විට දිවයින බලා යාත්‍රා කරමින් පවතින බවයි ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර පැවසුවේ.

ඒ අනුව, නොරොච්චෝලේ ලක්විජය බලාගාරය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් ගල් අඟුරු සංචිත පවතින බවයි ඔහු පවසන්නේ.

නොරොච්චෝලේ බලාගාරය පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා දිනකට අවශ්‍ය කෙරෙන ගල් අඟුරු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 7500ක්.

ඒ අනුව ගල් අඟුරු නෞකා 30ක් දිවයිනට රැගෙන ඒම ලංකා ගල් අඟුරු සමාගමේ අපේක්ෂාවයි.

මේ වසරේ ඉතිරි කාලය සඳහා විදුලි ජනනය සඳහා ගල් අඟුරු නෞකා 27ත් 28ත් අතර සංඛ්‍යාවක් ප්‍රමාණවත් වනු ඇති බවටයි ගණන් බලා ඇත්තේ.

මේ අතර විදුලි බිල, ජල බිල සහ භාණ්ඩ මිල පහල දමන ලෙස බල කරමින් ජාතික ජන බලවේගය අම්බලන්ගොඩ නගරයේ පන්දම් දල්වමින් විරොධතාවක නිරත වුණා.

අසාධාරණ ලෙස ඉහළ දැමූ විදුලි බිල වහා පහත හෙලනු යන මැයෙන් ඊයේ රාත්‍රි පිළියන්දල කොටගෙදර ප්‍රදේශයේදීද පන්දම් දල්වා විරෝධතාවයක්
පැවැත්වුණා.

ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජික සාමාජිකාවන් පිරිසක් එම විරෝධතාව සංවිධාන කර තිබුණා.

ඉහළ යන ජීවන වියදමට සහ වැඩි වූ විදුලි බිලට විරෝධය දක්වමින් පැවති ජනතා විරෝධතාවයක් ගාල්ල - පින්නදුව නව නගරයේදීත් පැවැත්වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins