දුක් විඳ නෙලූ අස්වැන්න වැනසූ සද්දන්තයෝ (වීඩියෝ)

Sunday, 19 March 2023 - 14:39

%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B3+%E0%B6%B1%E0%B7%99%E0%B6%BD%E0%B7%96+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%83%E0%B7%96+%E0%B7%83%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9D+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
වනඅලි ගැටලුවට කොතෙක් අත්හදා බැලීම් සිදු කළ ද ඊට ස්ථීර විසඳුමක් සොයා ගැනීමට මේ වන තුරුත් බලධාරීන්ට හැකියාව ලැබී නැහැ.

නමුත් වනඅලි තර්ජනයෙන් පීඩා විඳින පොළොන්නරුව - ගඟේයාය ගොවි සංවිධානයේ ගොවීන් ඊට තාවකාලික පිළියමක් සොයාගැනීමට ගත්
උත්සාහයක් පිළිබඳව අපට වාර්තා වුණා.

වන අලි ගැටලුවෙන් බොහෝ විට පීඩා විඳින්නේ වියළි කළාපයේ ජීවත්වන ජනතාවයි.

තමන් වෙහෙස මහන්සිවී වගාකරනු ලබන භව බෝග එක් රැයකින් වන අලින්ගේ ග්‍රහණයට හසුවන අවස්ථා මේ ජීවිතවල ඉතා සුලබ අත්දැකීමක්.

මෙම ගැටලුවට බලධාරින්ගෙන් කොතෙකුත් විසඳුම් ඉල්ලා ප්‍රතිඵලයක් නොමති තැන, පොළොන්නරුව මොරගහකන්ද 504 ගඟේයාය ප්‍රදේශයේ ගොවි සංවිධානය විසින් ඊට පිළියම් සෙවීමට උත්සාහ දරා තිබුණා.

ගොවි සංවිධානය විසින් ඔවුන්ගේම මූල්‍ය දායකත්වය මෙන්ම ශ්‍රම දායකත්වය ලබා දෙමින් මෙම විදුලිවැට සකසා ඇත්තේ එල්ලෙන විදුලි වැටක් ලෙසයි.

රජය විසින් විදුලි වැටක් ඉදිකර තිබුණ ද එය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම මත මෙම එල්ලෙන විදුලිවැට සකසා ගැනීමට ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ විදුලිය සහිත කම්බි බිමට සමාන්තරව එල්ලා තිබීම හේතුවෙන් වනඅලි ඒ හරහා ගමන් කිරීමේදී ඔවුන්ට ඒ මතින් ගමන් කිරීමට නොහැකි වීමයි.

මේ හේතුවෙන් මේ වනවිට වනඅලි ගම් වැදීම 90%කින් පමණ අඩු වී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

මේ අතර උහන, වීරගොඩ සේනාගම ආදී ප්‍රදේශවලට වන අලින්ගෙන් දැඩි පීඩා එල්ල වී තිබෙනවා.

නිරන්තරයෙන් ගම් වදින වන අලි හේතුවෙන් ප්‍රදේශයේ වගාවන් රැක ගැනීම දැඩි ගැටලුවක් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

මේ සඳහා විසඳුමක් ලබා දෙන ලෙස වනජීවී නිලධාරීන් දැනුම්වත් කළ ද මෙතෙක් කිසිදු විසඳුමක් ලැබී නොමැති බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins