හයිලෙවල් පාරේ රේස් පැද්ද යතුරුපැදිකරුවන් 11 ක් අත්අඩංගුවට

Sunday, 19 March 2023 - 20:27

%E0%B7%84%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A+%E0%B6%BB%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+11+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හයිලෙවල් මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධාවන අයුරින් තරඟයට යතුරුපැදි ධාවනය කළ 11 දෙනෙකු අද (19) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ අවුරුදු 18ත් 30ත් අතර වයස්වල පසුවන මොවුන් මහරගම, පන්නිපිටිය, කොට්ටාව, ඇරැව්වල සහ පිළියන්ද පදිංචිකරුවන් බවයි.

මොවුන් හයිලෙවල් මාර්ගයේ පන්නිපිටිය මංසන්ධියේ සිට ටන්කබෝඩ් මංසන්ධිය දක්වා විවිධ වර්ගයේ යතුරුපැදි භාවිත කරමින් ඊයේ (18) රාත්‍රියේ තරඟයට ධාවනයේ යෙදී තිබෙනවා.

එම යතුරුපැදිවල අධික ශබ්දය හේතුවෙන් ප්‍රදේශවාසින් ලබාදුන් තොරතුරකට අනුව මාර්ගබාධක යොදා මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවා.

මොවුන් ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins