ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි හමුවීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ජපාන අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරයෙන් පසුව ඔහු අද (21) පෝලන්තයට පැමිණ එහි සිට දුම්රියෙන් යුක්රේනය බලා පිටත්ව ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ජී හත කණ්ඩායමේ රටවල සියලු නායකයන් රුසියානු ආක්‍රමණයෙන් අනතුරුව යුක්රේනයට ගොස් තිබුණත්, ජපාන නායකයා පමණයි යුක්රේනයේ සංචාරයක කර නොතිබුණේ.
දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව ජපාන අග්‍රාමාත්‍යවරයෙකු සක්‍රිය යුද කලාපයක සංචාරය කරන පළමු අවස්ථාව මෙය ලෙසයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
එසේම මේ වනවිට චීන ජනාධිපති ෂී ජින්පින් රුසියාවේ සංචාරයක නිරතවන අතර, ඔහු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමු වී යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡාවක ද නිරතවුණා.

Follow US

Most Viewed Stories