උතුරු ඇෆ්ගනිස්ථානයේ හින්දුකුෂ් කඳුකරයේ රික්ටර් මාපකයේ ඒකක 6.5ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ මෙම භූ කම්පනය අසල්වැසි ඉන්දියාවට සහ පාකිස්ථානයට ද දැනී ඇති බවයි.
සිද්ධියෙන් පාකිස්තානයේ දෙදෙනෙකු මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලැබුවා.
විදෙස් වාර්තා සඳහන් කළේ ඇෆ්ගනිස්ථානයේ ෆයිසාබාද් සිට කිලෝමීටර් 133ක් ගිනිකොණ දිගින් මෙම භූ කම්පනය සිදුව ඇති බවයි.
කාබුල් අගනුවරට මෙන්ම පාකිස්ථානයේ ඉස්ලාමාබාද්, ලාහෝර් නගරවලට සහ ඉන්දීයාවේ කාශ්මීරයට, නවදිල්ලියට ද මෙම කම්පනය දැනී තිබෙනවා.
ඇෆ්ගනිස්ථානය යනු නිරන්තරයෙන් භූ කම්පන සිදුවන රටක්.
විශේෂයෙන් යුරේෂියානු සහ ඉන්දියානු භූ තැටි ආසන්නයේ පිහිටි හින්දුකුෂ් කඳුවැටියේ භූ කම්පන සිදුවීම් වැඩියෙන් වාර්තා වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Follow US

Most Viewed Stories