නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමඟ කුඩු සෙල්විගේ පුත්‍රයා ගේ ප්‍රධාන ගෝලයා අත්අඩංගුවට

Wednesday, 22 March 2023 - 9:29

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් ජාල මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාද කණ්ඩායම් නායකයෙකු වන කුඩු සෙල්විගේ පුත්‍රයා වන පලනි ශිරාන්ගේ ප්‍රධාන ගෝලයෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වත්තල ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී රුපියල් කොටියකට අධික වටිනා කමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1යි මිලි ග්‍රෑම් 6ක් සන්තකයේ තබා ගෙන යතුරු පැදියකින් ගමන් කරමින් සිටිය දී මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අදාළ සැකකරු පුද්ගල ඝාතන සිදු කිරීම හා ඝාතන සඳහා අනුබල දීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විභාග වෙමින් පවතින අයෙකු ද වනවා.

ජම්පටා වීදිය ප්‍රදේශයේ පදිංචි, වයස අවුරුදු 24ක් පමණ අයෙක් වන අතර සැකකරු වැඩිදුර විමර්ශන සඳහ සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇති බවයි විශේෂ කාර්ය බලකා මාධ්‍ය අංශය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories