ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් එකඟතාවන්ට අදාළ ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (22) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ සභාගත කළා.
ඉන් අනතුරුවයි ජනාධිපතිවරයා ඒ පිළිබඳ සිය විශේෂ ප්‍රකාශය ආරම්භ කළේ.
එහිදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ මේ වනවිට රටේ ආර්ථිකය නිවැරදි මඟකට ගෙන ඒමට හැකියාව ලැබී ඇති බවයි.
එමෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් වසර 4ක කාලයක් තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක ආධාරයක් හිමිවන අතර ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 330ක පළමු වාරිකය මේ වනවිට හිමිවී ඇති බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.
මේ අතර, ලෝක බැංකුව සහ වෙනත් ණය ආධාර ලබාදෙන පාර්ශවයන් වෙතින් තවත් ඩොලර් බිලියන 7ක පමණ ණය ආධාර බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියා.
2025 වසර වන විට ප්‍රාථමික හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3% දක්වා අඩු කර, 2026 වන විට අදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 14% දක්වා ඉහළ නැංවීම රජයේ අරමුණ බන ජනාධිපති පාර්ලිමෙන්තුවේ දී පැවසුවා.
2024 වන විට වැට් මත පවතින බදු නිදහස් කිරීම් අඩු කිරීමටත්, ප්‍රතිපූර්ණය කඩිනම් කිරීමටත් සැළසුම් කරන බව පැවසු ජනාධිපතිවරා 2025 වන විට දේපල බද්දක් හඳුන්වා දෙන බව ද පවසනවා.
එමෙන්ම උද්ධමනයට ගැලපෙන පරිදි වැටුප් සහ විශ්‍රාම වැටුප් ගලපන බව ද ජනාධිපතිවරයා පැවසුවා.

Follow US

Most Viewed Stories