යාවත්කාලීන කිරීම 2023-03-22 පස්වරු 08.50
මොරටුව - කොරලවැල්ල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් කපා පුද්ගලයෙකුගේ දෑත් රැගෙන පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.
විමර්ශන සිදු කරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, කලක පටන් පැවති ආරවුලක් මෙම පහරදීමට හේතු වී ඇති බව යි.
පහරකෑමට ලක්වූ පුද්ගලයා විදුලි කාර්මිකයෙකු වන අතර සැකකරු අසල්වැසියෙකු බව විමර්ශනවල දී හෙළි වී තිබෙනවා.
දෙදෙනාම ඊයේ බීමත්ව සිට ඇති අතර ඇතිවූ බහින්බස්වීමත් සමගයි මෙලෙස තියුණු ආයුධයකින් පහර දී මෙම 40 හැවිරිදි පුද්ගලයාගේ දෑත් වෙන් වන ලෙස කපා දමා ඇත්තේ.
පසු ව සැකකරු එම දෑත් කොටස් රැගෙන ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, මේ දක්වා ඔහු සම්බන්ධයෙන් තොරතුරක් වාර්තා වී නැහැ.
පහර කෑමට ලක් වූ පුද්ගලයා මේ වන විට පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ තුවාලකරු සමග එම අවස්ථාවේදීම අදාල දෑත් කොටස් රැගෙන ආවේ නම්, ඒවා ශල්‍යකර්මයක් මඟින් යළි බද්ධ කිරීමේ හැකියාව පැවති බව යි.
--------------------------------
කොරලවැල්ලේ දී පුද්ගලයෙකුගේ දෑත් කපා රැගෙන යයි
මොරටුව - කොරලවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ දෑත් තියුණු ආයුධයකින් කපා වෙන් කර දෑත් රැගෙන සැකකරු පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.
40 හැවිරිදි එම පුද්ගලයා සිය නිවස ඉදිරිපිට සිටිය දී සැකකරු පැමිණ ඔහුගේ දෑත්වලට තියුණු ආයුධයකින් පහර දී ඇත්තේ ඊයේ (21) රාත්‍රියේ දීයි.
පසුව එම පුද්ගලයා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකරු හඳුනාගෙන ඇති බව ද පොලීසිය සඳහන් කළා.
පෞද්ගලික ආරවුලක් මීට හේතු වී තිබෙනවා.

Follow US

Most Viewed Stories