බන්දුලට ධුරයෙන් ඉල්ලා අස් වෙන්නැයි අනතුරු ඇඟවීමක්

Thursday, 23 March 2023 - 10:50

%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා ඩොලරයට සාපේක්ෂව අමෙරිකානු ඩොලරය අවප්‍රමාණය වීමේ ප්‍රතිඵලයක් ලෙස බස්‍ රථ අමතර කොටස් සහ ඒවායේ සේවා ගාස්තු අඩු නොවීම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් පැවැත්වීමට විෂය භාර අමාත්‍යවරයා අපොහොසත් වන්නේ නම් ඔහු වහා සිය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඊයේ (22) පැවසුවා.

එහි දී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, අදාල කාරණාව සම්බන්ධයෙන් වෙනම කමිටුවක් පත් කිරීමට හෝ ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට නොහැකි නම් විෂයභාර අමාත්‍යවරයා ලෙස බන්දුල ගුණවර්ධන අසමත් නම් ඔහු වහා ධුරයෙන් අස් විය යුතු බවයි.

මේ අතරතුර ඉළඹෙන අප්‍රෙල් පළමු වැනි දා බස් ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සලකා බලමින් සිටින බවත් එය හරි ආකාරව ක්‍රියාත්මක වුවහොත් අප්‍රේල් මාසයේදී බස් ගාස්තු අඩු කිරීමේ හැකියාවක් පවතින බවත් ඔහු පැවසුවා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, සාමාන්‍යයෙන් සෑම වසරක ම ජූනි මස පළමු වැනිදා ජාතික ගමනාගමන ප්‍රතිපත්තිය මත බස් ගාස්තු සංශෝධනයක් සිදු වන බවත්බලාපොරොත්තු වන පරිදි ඊට පෙර ඉන්ධන මිල ගණන් පහළ ගියහොත් බස් ගාස්තු අඩු කිරීමේ හැකියාවක් ද ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories