ඩයනා ගමගේ සම්බන්ධයෙන් අධිකරණයෙන් CIDයට නියෝගයක්

Thursday, 23 March 2023 - 14:11

%E0%B6%A9%E0%B6%BA%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+CID%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ පුරවැසිභාවයට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයාගෙන් සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

එම නියෝගය සිදුකළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවයි.

එම ප්‍රකාශ ලැබීමෙන් පසු ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය අත්අඩංගුවට ගැනීම සදහා නියෝගයක් නිකුත් කරන්නැයි අගතියට පත් පාර්ශවයේ නිතිඥවරු ඉදිරිපත් කර ඇති ඉල්ලීම සලකා බැලිය හැකි ද නැද්ද යන්න ප්‍රකාශ කරන බවයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories