යූරිය පොහොර මිල අඩු කෙරේ

Thursday, 23 March 2023 - 14:40

%E0%B6%BA%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
පොහොර ආනයනය කරනු ලබන පෞද්ගලික සමාගම් කිලෝග්‍රෑම් 50 යූරියා මිටියක මිල රුපියල් 7500කින් අඩු කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

එසේම එළවළු සහ තේ වගාවන් සඳහා භාවිත කෙරෙන මිශ්‍ර පොහොර මිල ද පහත හෙළීමට එම සමාගම් පියවර ගෙන ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

එසේම රජය මගින් රුපියල් දසදහසකට මේ වන විට අලෙවි කරන යූරියා පොහොර මිටියක මිල ද ඉදිරියේ දී ලැබෙන තොග සැළකිල්ලට ගෙන අඩු කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර ලබන සඳුදා සිට කිරිපිටි මිල පහළ දැමීමට ආනයනික කිරිපිටි සමාගම් තීරණය කර තිබෙනවා.

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය කියා සිටියේ කිරි පිටි කිලෝග්‍රෑමයක් රුපියල් 200කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 80 කින් පහත දමන බවයි.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වීම මිල පහත දැමීමට හේතුව බව ඔහු කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories