ආර්ථිකය ජයගත හැකි ක්‍රමවේද පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

Thursday, 23 March 2023 - 15:45

%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B6%AD+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%80%E0%B7%9A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දේශීය සහ විදේශීය ආර්ථිකය ජයගත හැකි පරිදි පුහුණු තරුණ බලකායක් ස්ථාපිත කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

තරුණයන්ගේ රැකියා බලාපොරොත්තු ඉටු කිරීමට, පුහුණුව ලබාදීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක බව ද ඔහු පැවසුවා.

ව්‍යවසායකින් ලෙස දියුණු වීමට තරුණ පරම්පරාවට හැකියාව සහ අවස්ථාව ලබා දිය යුතු බවයි ඔහු කියා සිටියේ.

අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, IMF ගිවිසුම සභාගත කර එම ණය අනුමතවිම පිළිබඳ ජනාධිපතිවරයා ඊයේ (22) පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන්, පාර්ලිමේන්තුවේ පැවති විවාදයට අද (23) එක්වෙමින්.

මේ අර්බුදය මැද, ගොවි ජනතාවට සාර්ථක අස්වැන්නක් ලබාගැනීම පිළිබඳ, සිය ආඩම්බරය ඔවුන් වෙත පිරිනමන බව ද අග්‍රාමාත්‍යවරයා පැවසුවා.

රටේ සියලු පුරවැසියන් පසුගිය හය මාසයේ මුදල් ශික්ෂණයකට පුරුදු වූ බවත්, දෙපාර්තමේන්තු, ආයතන ද එසේ කටයුතු කළ බවත්, නාස්තිය හා දුෂණය වැළක්වීමට පදනම එය බවත් ඔහු ප්‍රකාශ කළා.

IMF වැඩසටහන මගින් මුළු මහත් ජාතියට ම දොරටුවක් විවෘත වී ඇති බව පැවසූ අග්‍රාමාත්‍යවරයා, පෙනෙන නොපෙනෙන බාධක මැද හුස්ම ගැනීමට අවස්ථාව උදා වී ඇති බව ද පැවසුවා.

පසුගිය මාස 7, මෙරට ඉතිහාසයේ දුෂ්කර ම කාල පරිච්ඡේදය බවත්, එසේ වුවද කිසිදු රාජ්‍ය සේවකයෙකුගේ රැකියා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් සිදු නොවූ බවත්, පෞද්ගලික අංශයේ ද ලක්ෂ ගණන් ජනතාවගේ රැකියා සුරක්ෂිත කිරීමට පියවර ගත් බවත් කියා සිටියා.

එමෙන්ම රාජ්‍ය අංශය සහ පුද්ගලින අංශය සහයෝගයෙන් කටයුතු කළ බව කී ඔහු, ආර්ථිකය සඳහා පෞද්ගලික අංශය විශේෂයෙන් අවශ්‍ය බව ද අවධාරණය කළා.

රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය ගැන සාකච්ඡා කර විසඳා ගතයුතු බරපතළ ගැටළුවක් බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා, හෝටල් තවදුරටත් රජයෙන් පවත්වාගෙන යා යුතු ද යන්න ප්‍රශ්න කළා.

පසුගිය දා තමන් තවත් මහජන නියෝජිතයන් සමග උමා ඔය යෝජනා ක්‍රමය නිරීක්ෂණයට, අඩි 1600ක් පමණ පොළොව ගැඹුරට ගිය බවත්, එමගින් තව මාස දෙක තුනකින් මෙ. වො. 120ක විදුලි බලයක් ජාතික පද්ධතියට එක්වන බවත් කී අගමැතිවරයා, කුමන අර්බුද පැමිණියත් මෙවැනි කටයුතු ඉටුකරන බව පැවසුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories