ආර්ථික අවපාතයෙන් මිදීමට බදු ආදායම ඉතා වැදගත්! - සුරාබදු කොමසාරිස්

Thursday, 23 March 2023 - 16:10

%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%89%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%21+-+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A
රටේ පවතින ආර්ථික අවපාතයෙන් මිදීමට බදු ආදායම ඉතා වැදගත් බව සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ පවසනවා.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදුනික සුරාබදු පරීක්ෂක වරුන් පිරිසක් විසිරයාමේ උස්සවයකට එක්වෙමින් ඔහු මෙම අදහස් පැවසුවා.

වසර 25ක් පමණ අත්දැකීම් ඇති සුරාබදු පරීක්ෂකවරුන් 19 දෙනෙකු මෙහිදී සුරාබදු පරිෂක තනතුර සදහා උසස් කෙරුණා.

කුරුණෑගල පනාදරගම ශ්‍රී ලංකා සුරාබදු අභ්‍යාස විද්‍යාලයේ මෙම උස්සවය පැවැත්වුණා.

ප්‍රධාන සුරාබදු පරිෂක ඩි.එච්.කේ අනුර, ටි.එල්.පි මෙන්ඩිස්, එච්.එස් ඩබ් පෙරේරා, එන් ශ්‍රී කාන්ත්, එම.එම.යු.බි. මාරසිංහ ,ඊ.එම් නිල් ,ටි.එම.පි තෙන්නකෝන්, එස්.එම.ජේ ආරියකුමාර, එම.ටි ආරියකාන්ත්, කේ.ඒල්.ඩි.ටි.ඒ රෙජිස්, අයි.එම.ආර්.ඩබ්.ඉලන්කොන්, එච්.ටි.බි.පි විජේසුරිය,බි.ඩබ් ජයරත්න, ජේ.ඩි.පි.යු ජයවර්ධන, එච්.එන්.ආර් චින්තක, ජේ.ඩබ් තිලකරත්න, කේ.ජී කුලතිලක, ඩබ්.ටි.ආර් සමන්ත, ටි.පි ගමගේ යන අය නව සුරාබදු පරිෂකවරුන් ලෙස මෙහි දී පත්වීම් ලබා ගත්තා.

නීති විරෝධී මත්පැන්,හෙරොයින් ,ඇතුළු මත්ද්‍රව්‍ය උවදුර සමාජයෙන් තුරන් කිරීම සඳහා සුරාබදු නිලධාරින් කැපවීමෙන් ක්‍රියා කලයුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල් වරයා වැඩි දුරටත් සඳහන් කළා.

සුරාබදු පරීක්ෂක සංගමයේ සභාපති නිල් ඒකනායක ද මෙහි දී අදහස් දැක්වුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories