තැපැල් ඡන්දය යළි කල් යයි (වීඩියෝ)

Thursday, 23 March 2023 - 16:41

%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සළකුණු කිරීම ලබන 28 වනදා ආරම්භ නොකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඡන්ද විමසීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමග අද (23) පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මේ බව කියා සිටියා.

ලබන 28, 29, 30, 31 සහ 03 යන දිනවල දී තැපැල් ඡන්දය සළකුණු කිරීමටයි මැතිවරණ කොමිසම මීට පෙර තීරණය කර තිබුණේ.

කෙසේ වෙතත් අද පැවති සාකච්ඡාවේ දී දේශපාලන පක්ෂ ලේකම්වරුන් සිදුකළ යෝජනා සහ ඡන්ද විමසීම් නීති පිළිබඳ අධ්‍යයනය කර ඡන්දය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් ඉදිරි කාලයේ මැතිවරණ කොමිසම තීරණයකට එළැඹෙන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එසේම පවත්නා තත්ත්වය යටතේ අප්‍රේල් මස 25 වනදා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි බැවින් ඉදිරි නිශ්චිත දිනයක් සඳහන් කොට ඡන්ද විමසීම පැවැත්වීම කල්දැමීම පිළිබඳව ද මැතිවරණ කොමිෂන් සභාවේ අද පැවති සාකච්ඡාවේ දී යෝජනා සහ අදහස් ලෙස දේශපාලන පක්ෂ ලේකම්වරුන් ඉදිරිපත් කර තිබෙනවා.

ඊට අමතරව ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධව නිශ්චිත දිනයක් සඳහන් නොකොට ඒ සඳහා අවශ්‍ය පහසුකම් හා පසුබිම සාක්ෂාත් වීමෙන් අනතුරුව ඡන්ද විමසීම සඳහා දින නියම කිරීමට එහිදී යෝජනා වී ඇති බව සඳහන්.

ඡන්ද විමසීම කල් නොදැමිය යුතු බවට මෙන්ම එකඟතා මත ඡන්ද විමසීම සඳහා ඉදිරි දිනයක් තීරණය කර ගැනීම පිළිබඳව ද එහිදී යෝජනා වී තිබෙනවා.

මෙම සියලු කරුණු පිළිබඳව මෙන්ම අදාළ ඡන්ද විමසීම් නීති පිළිබඳවද අධ්‍යයනය කොට ඡන්ද විමසීම් දිනය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව ඉදිරියේදී තීරණයකට එළැඹෙන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories