රුධිර පරීක්ෂාවලට වැඩියෙන් මුදල් අය කළ ආයතන 08කට දඩ

Thursday, 23 March 2023 - 16:45

%E0%B6%BB%E0%B7%94%E0%B6%B0%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+08%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AF%E0%B6%A9
පාලන මිල ඉක්මවා ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂාව සහ පූර්ණ රුධිර පරීක්ෂාව සඳහා මුදල් අයකළ කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික රෝහල් සහ පෞද්ගලික රසායනාගාර 08කට රුපියල් ලක්ෂ 55ක දඩයක් අධිකරණ මගින් නියම කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් අංශය විසින් මෙම වැටලීම් සිදුකර ඇති අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ආයතන 05ක් සම්බන්ධයෙන් කරුණු දක්වා තිබෙනවා.

එහිදී එම ආයතන වරද පිළිගැනීමෙන් අනතුරුව ඔවුන්ට රුපියල් ලක්ෂ 35ක දඩයක් නියම කිරීමටයි පියවර ගැනුණේ.

එසේම තවත් ආයතන තුනකට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට කළ කරුණු දැක්වීමේ දී ඔවුන්ට රුපියල් ලක්ෂ 20ක දඩ මුදලක් නියම කෙරුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories