ඉන්දීය ඖෂධ නිෂ්පාදන සමාගමක බලපත්‍රය අහෝසි කෙරේ

Thursday, 23 March 2023 - 17:06

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%9D%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
උස්බෙකිස්ථානයේ දරුවන් 18 දෙනෙකුට මරු කැඳවූ ඉන්දීය ඖෂධ නිෂ්පාදන සමාගමේ නිෂ්පාදන බලපත්‍රය, ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් බලධාරින් අවලංගු කර තිබෙනවා.

මැරියොන් බයෝ ටෙක් සමාගම නිෂ්පාදනය කරන ලද කැස්ස සඳහා භාවිත කෙරෙන සිරප් වර්ග දෙකක් ප්‍රමිතියෙන් තොර බවට පසුගිය ජනවාරි මාසයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබුණා.

ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරුණු අතර එහිදී ලබාගත් සාම්පලවල ගැටලු පවතින බව හදුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන් අනතුරුවයි ඉන්දීය බලධාරින් ඔවුන්ගේ නිෂ්පාදන බලපත්‍රය අවලංගු කිරීමට කටයුතු කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories