මෙරට පැතිරීම බොහෝ දුරට සීමා වී තිබූ ලාදුරු රෝගය වැළඳුණු රෝගීන් වාර්තා වීම මෑතක සිට වැඩි වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.
එම කාර්යාංශය පවසන්නේ සුළු දද, කුෂ්ඨ හෝ අළුහම් ලෙස පෙනෙන සමහර ලප, ලාදුරු රෝගය නිසා ඇතිවන ලප විය හැකි බවටයි.
ලපයක් හෝ කැළලක් සිරුරෙහි තිබුණහොත් අනිසි බියක් ඇති කර ගත යුතු නැති බවත් එය ලාදුරු රෝගී තත්ත්වයක් ලෙස තහවුරු වුවහොත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලංකාව තුළ කිසිදු ගැටළුවක් නොමැතිව ලබා ගැනීමට හැකියාව පවතින බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල ෆේස්බුක් ගිණුමේ පළ කර ඇති නිවේදනයේ සඳහන්.
එම නිවේදනය හරහා තවදුරටත් පවසන්නේ රෝගය ඇත්දැයි තහවුරු කරගැනීම සඳහා කළ යුත්තේ, සැක සහිත ලප කැළලේ හෝ ගැටිත්තේ හොඳින් ආලෝකය පවතින ස්ථානයක දී ලබාගත් පැහැදිලි ඡායාරූපයක්, වයස, ස්ත්‍රී පුරුෂභාවය,ජීවත්වන ප්‍රදේශය, ලපය හෝ කැළල පවත්නා කාලය සහ ඒ ආශ්‍රිත වෙනත් රෝග ලක්ෂණ (කැසීම, රිදීම, හිරිගතිය ) ඇතුළත් කෙටි විස්තරයක් සමග ජාතික රෝහලේ මධ්‍යම ලාදුරු සායනයේ 0754088604 අංකය වෙත වට්සැප් පණිවිඩයක් මගින් යොමු කිරීම පමණක් බවයි.

Follow US

Most Viewed Stories