ගුරු විභාගය අධිකරණ නියෝගයකින් නවතියි

Thursday, 23 March 2023 - 21:21

%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%92
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරඟ විභාගය හෙට නොපැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ, ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (23) ලබාදුන් නියෝගයකට අනුවයි. උපාධිධාරී සංගමය විසින් ගොනුකර තිබූ පෙත්සම් දෙකක් සළකා බැලීමෙන් අනතුරුව අදාළ විභාගය පැවැත්වීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබුවා.

පෙත්සම්කරුවන් ඉල්ලා තිබුණේ විභාගය පවත්වන ක්‍රියාවලිය නීත්‍යානුකූල නොවන බැවින් අදාළ ගැසට් නිවේදනය සංශෝධනය කරන බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නියෝගය ලබාදීමෙන් පසු නිවේදනයක් නිකුත් කළ විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළේ ඉදිරියේදී ලැබීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මත මෙම විභාගය නැවත පැවැත්වෙන දිනය දැනුම්දෙන බවයි.

මෙම විභාගය හෙට දිවයින පුරා මධ්‍යස්ථාන 341ක දී පැවැත්වීමට සැළසුම් කර තිබූ අතර, ඒ සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් 54,000කට ආසන්න පිරිසක් අයදුම්පත් යොමුකර තිබූ බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories