රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ශ්‍රී .ලංකා මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර ඇති පෙත්සම්
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම අද (23) ආරම්භ කෙරුණා.
ඒ ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ දීයි.
ශ්‍රී ලංකා මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතේ සඳහන් ඇතැම් ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා පෙත්සම් ගොනු කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිළ, විමල් වීරවංශ, පූජ්‍ය අතුරලියේ රතන හිමි සහ විශ්‍රාමික යුධ හමුදා කර්නල් අනිල් අමරසේකර ඇතුළු පාර්ශව විසින්.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දැක්වුවා.
“ස්වාමීනි. යෝජිත පනත් කෙටුම්පත තුළින් ශ්‍රී ලංකා මහ බැංකුව විධායකයේ පාලනයෙන් බැහැර වෙනවා. ඒ හරහා එම බැංකුව ශ්‍රී ලංකා රජයේ පාලනයෙන් ද ඉවත් වීමක් සිදු වෙනවා. මහ බැංකුව වෘත්තීය වශයෙන් ස්වාධීන වීම වැදගත් කරුණක්. එහෙත් එම බැංකුව ශ්‍රී ලංකා රාජ්‍යයේ පාලනයෙන් බැහැර වීම අනතුරුදායක තත්ත්වයක්.එය ජනතා පරමාධිපත්‍යයට ද පටහැනි ක්‍රියාවක්.''
එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා පැවසුවේ යෝජිත පනත් කෙටුම්පත මගින් මහ බැංකු අධිපතිවරයාට මෙරට තුළ වෙනත් මුදල් ඒකක භාවිතා කිරීම සඳහා අවසර දීමට හැකියාව පවතින බවයි.
පෙත්සම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ යෝජිත පනත් කෙටුම්පත තුළින් මහ බැංකු අධිපතිවරයාට මෙන්ම නියෝජ්‍ය අධිපතිවරුන්ට එම බැංකුවෙන් නිදහස් වී දේශීය හා ජාත්‍යන්තර ආයතනවල සේවය කොට යළිත් පැමිණ ශ්‍රී ලංකා මහ බැංකුවට සම්බන්ධ වීමට අවස්ථාව සලසා දී ඇති බවයි.
එම කරුණ කෙරෙහි අවධානය යොමුකළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන ද පෙන්වා දුන්නේ එම තත්ත්වය අනුමත කළ නොහැකි බවයි.
ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස විනිසුරුවරයා විසින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයාට දැනුම්දීමෙන් අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය හෙට දිනය තෙක් කල් තැබුණා.

Follow US

Most Viewed Stories