ජාත්‍යන්තර වනාන්තර දින සැමරුම් වැඩසටහන ඇරඹෙයි (ඡායාරූප)

Thursday, 23 March 2023 - 22:58

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ජාත්‍යන්තර වනාන්තර දින සැමරුම් වැඩසටහන අද (23) දීපව්‍යාප්තව පැවැත්වීම ආරම්භ කෙරුණා.

ඒ අනුව මාතලේ දිසාව නාඋල අඩවියේ ඉනාමළුව බීට්ටු වේ සීගිරිය සංස්කෘතික ත්‍රිකෝණ පරිශ්‍රයේ දී මෙම වැඩසටහන ආරම්භ වූ බවයි වාර්තා වන්නේ.

මේ සඳහා එක්වූ නිලධාරින් විවිධ පැළ වර්ග රාශියක් රෝපණයට එක් ව සිටියා.

මාර්තු 21 වැනිදිනට යෙදී තිබූ ජාත්‍යන්තර වනාන්තර දිනය වෙනුවෙනුයි මෙම වැඩසටහන සංවිධානය වී තිබුණේ.

මීට අමතරව අකුරැස්ස අඩවි වන නිලධාරි කාර්‍යාලය විසින් ප්‍රථම වරට ලේ දන්දීමේ කඳවුරක් ද සංවිධානය කර තිබුණේ ජාත්‍යන්තර වන්නාන්

ඊට සංස්කෘතික ත්‍රිකෝණ කළමනාකාරිත්වය , සීගිරිය පුරාවිද්‍යා නිලධාරින් , සීගිරිය පොලීසිය , නාඋල අඩවියේ, නිලධාරින් හා මාතලේ දිසාව එක් ව සිටි බවයි වාර්තා වන්නේ.

මේ අතර නාත්තණ්ඩිය ධම්මිස්සර ජාතික පාසල සමග හලාවත අඩවි වන කාර්‍යාලය ද එක්ව වනාන්තර දිනය සිහි කරමින් විශේෂ පැළ රෝපණ වැඩසටහනකට එක්වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories