ඇමරිකාවේ මිසිසිපි ප්‍රාන්තයට බලපෑ දරුණු ටොනේඩෝ සුළි කුණාටුවක් හේතුවෙන් පුද්ගලයින් විසිහය දෙනෙකු මියගොස් නගර දෙකක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.
පැයට කිලෝමීටර 115 ක වේගයෙන් කඩාවැදුණු සුළි කුණාටුව හේතුවෙන් සිල්වර් සිටි සහ රෝලිං පෝක් නැමති කුඩා නගර දෙක සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවටයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එම නගරවල ගොඩනැගිලි, වාහන ආදී සියල්ල ටොනේඩෝව හේතුවෙන් ගසාගෙන ගොස් ඇති අතර, 75,000කට අධික පිරිසක් විදුලිය විසන්ධි වීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව සඳහන්.
මෙම සුළි කුණාටුවෙන් ෂාර්කි, හම්ප්‍රිස් සහ ඇලබාමා ප්‍රාන්තවලට ද හානි වී ඇති බවටයි වාර්තාවන්නේ.
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මෙම සිදුවීමෙන් තමන් කම්පනයට පත්වූ බවයි.
විපතට පත්වූවන්ට කඩිනමින් සහන සළසන ලෙසට ද ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙනවා.

Follow US

Most Viewed Stories