පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල්

Monday, 27 March 2023 - 7:39

%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+29%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A
අඩු ආදායම්ලාභි පවුල් ලක්ෂ 29 කට නොමිලේ සහල් බෙදාදීමේ වැඩසහටන අද සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කළා.

මෙවර මහකන්නයේදී ගොවි ජනතාවගෙන් රජය මිලදී ගත් වී තොග, සහල් බවට පත් කර ඒවා මෙසේ අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදාහැරෙන බවයි විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ.

එක් පවුලකට මසකට සහල් කිලෝග්‍රෑම් 10 ක් බැගින් මාස දෙකක් සහල් නොමිලේ ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

මෙම සහල් සහනාධාරය පළමුව පවුල් ලක්ෂ විස්සකට ලබාදීමට සැළසුම් කර තිබුණත් පසුව එය ලක්ෂ 29 ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කළා.

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, ගාල්ල සහ මාතර ඇතුලු තවත් දිස්ත්‍රික්ක කිහිපයකට පළමු අදියර යටතේ සහල් බෙදාහැරීම සිදු කෙරෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories