අද (27) සිට කිරිපිටි මිල පහළ දැමීමට ආනයනික කිරිපිටි සමාගම් තීරණය කර තිබෙනවා.
කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය කියා සිටියේ කිරි පිටි කිලෝග්රෑමයක් රුපියල් 200 කින් සහ ග්රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 80 කින් පහත දමන බවයි.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වීම මිල පහත දැමීමට හේතුව බව ඔහු කියා සිටියා.
මේ අතර අද සිට කිරි තේ කෝප්පයක් රුපියල් 90ක මිලට ලබා ගත හැකි බව සමස්ත ලංකා ආපනශාලා හිමින්ගේ සංගමය පවසනවා.
කිරි තේ කෝප්පයක් දැනට රුපියල් 100ත් 130ත් අතර මිලකටයි අලෙවි වන්නේ.
ආපණශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් කියා සිටියේ කිරි පිටි හා සීනි මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබා දීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.

Follow US

Most Viewed Stories