ලොව නවීනතම මගී ගුවන් යානයක් පළමු වරට අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණියා.
සිංගප්පූරු ගුවන් සේවයට අයත් බෝයිං 787 - 10 වර්ගයේ මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි පළමු අවස්ථාව මෙය බවයි වාර්තාවන්නේ.
ඇමරිකාවේ බෝයිං ගුවන් යානා නිෂ්පාදන සමාගම ඩී්‍රම්ලයිනර් ගුවන් යානා කාණ්ඩය යටතේ අලුතින්ම නිෂ්පාදනය කර ඇති මෙම යානය පුළුල් බඳක් සහිත එකවර ගුවන් මගීන් 337 දෙනෙකුට ගමන් කළ හැකි ආකාරයට නිපදවා තිබෙනවා.
රෝල්ස් රොයිස් වර්ගයේ එන්ජින් දෙකකින් බලගැන්වෙන මෙම ගුවන් යානය ව්‍යාපාරික පන්තියේ ආසන 36 කින් සහ පිරිමැසුම්දායක පන්තියේ ආසන 301 කින් සමන්විතයි.
වසර 53 ක අඛන්ඩ සේවයක් සපයන සිංගප්පූරු ගුවන් සේවය මෙම නවතම ගුවන් යානය සේවයේ යෙදවීම තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීමට මෙන්ම ආනයන අපනයන වෙළඳාම ශක්තිමත් කිරීමට ද විශාල දායකත්වයක් සපයන බව සිංගප්පූරු ගුවන් සේවයේ ශ්‍රී ලංකා නියෝජිත එයිට්කන් ස්පෙන්ස් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ වසන්ත කුඩාලියනගේ ප්‍රකාශ කළා.
සිංගප්පූරු ගුවන් සේවයේ මෙම පළමු මංගල ගුවන් ගමන සඳහා සිංගප්පූරුවේ සිට ගුවන් මගීන් 277 දෙනෙකු පැමිණි අතර, එම ගුවන් යානය අලුයම 12.40 ට කටුනායක සිට එහි සම්පූර්ණ ධාරිතාව වන මගීන් 377 දෙනෙකු රැගෙන යළි සිංගප්පූරුව බලා පිටත්ව ගියා.
අද සිට සතියට දින 4 ක් එනම්, සඳුදා, බදාදා, සිකුරාදා සහ සෙනසුරාදා මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපල සහ සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපල අතර ඍජු ගුවන් ගමන්වල නිරතවනවා.

Follow US

Most Viewed Stories