ආනයනික කිරිපිටි මිල අද සිට පහත දැමුවද දේශීය කිරිපිටි මිලේ වෙනසක් සිදු කළ නොහැකි බව සමාගම් ප්‍රකාශ කළා.
අද (27) සිට ක්‍රිියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 200 කින් සහ ග්‍රෑම් 400යේ කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80 කින් අඩු කිරීමටයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කළේ.
ඒ අනුව රුපියල් 1,240 කට අලෙවි වූ ග්‍රෑම් 400 යේ කිරිපිටි පැකට්ටුවක මිල 1,160 ක් දක්වා අඩුවන අතර, කිලෝග්‍රෑම් එකේ පැකට්ටුවක් රුපියල් 3,100 සිට රුපියල් 2,900 දක්වා අඩුවනු ඇති.
මෙම තත්ත්වය හමුවේ දේශීයව කිරිපිටි නිෂ්පාදනය කරන මිල්කෝ සමාගම සහ පැල්වත්ත කිරි සමාගමෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා.
මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා කියා සිටියේ මේ වනවිට ගොවීන්ගෙන් ලැබෙන කිරි ප්‍රමාණයේ අඩුවක් දක්නට ලැබෙන බවයි.
සාමාන්‍යයෙන් දෛනිකව කිරි ලීටර ලක්ෂ 12 ක් නිෂ්පාදනය කරන නමුත් එය මේ වනවිට ලීටර ලක්ෂ පහ දක්වා අඩුවී ඇති බව ද ඔහු කියා සිටියා.
මේ හේතුවෙන් දේශීය කිරිපිටි මිල අඩු කළ නොහැකි බවයි මිල්කෝ සමාගමේ සභාපතිවරයා තවදුරටත් සඳහන් කළේ.
එමෙන්ම පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායකගෙන් ද අප මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ ආනයනික කිරිපිටි මිල අඩුකළ ද දේශීය මිල අඩු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

Follow US

Most Viewed Stories