මොරටුව දෙඅත් කැපීමේ සිද්ධියට ඇල්ලූ දෙදෙනා රිමාන්ඩ් (වීඩියෝ)

Monday, 27 March 2023 - 8:39

%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%AF%E0%B7%99%E0%B6%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මොරටුවේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකුගේ මැණික්කටුව ආසන්නයෙන් දෑත් කපා රැගෙන යාමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ ඔහුට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු ලබන මස හයවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ සැකකරුවන් ඊයේ මොරටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

සිද්ධියේ ප්‍රධාන සැකකරු පසුගිය 24 වනදා නීතීඥයෙකු මාර්ගයෙන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් පසුව පැය 48 ක රැඳවුම් නියෝග මත මොහුගෙන් ප්‍රශ්න කෙරුණා.

ඒ අතරතුරයි මෙම සිද්ධියට ආධාර අනුබලදුන් තවත් අයෙකු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ.

මෙම සිද්ධියට යොදාගත් කඩුව එගොඩඋයන, මෝසස් පාරේ වෙරළ තීරයේ ගල්පර අතර සඟවා තිබියදී ඊයේ සොයාගෙන තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories