මෙරට අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන නදුන් චින්තක හෙවත් හරක් කටාගේ මෙරට අපරාධ සහ කුඩු ජාලය මෙහෙයවන ආමි සනත් නමැත්තා මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අහංගම - මිදිගම ප්‍රදේශයේ ඊයේ සිදුකළ වැටලීමකදී මෙලෙස අත්අඩංගුවට ගත් 32 හැවිරිදි මොහු පසුගිය කාලයේ හරක් කටාගේ මෙහෙයවීම යටතේ සිදුවූ වෙඩි තැබීම් කිහිපයකට ආධාර අනුබල දී ඇති බවටයි හෙළිව ඇත්තේ.
පසුගිය කාලයේ සිදු වූ වෙඩි තැබීම් කිහිපයකට භාවිත කරන ලද ගිනි අවි ප්‍රවාහන කිරීම සහ වෙඩි තැබීම්වලින් පසුව එම අවි පිරිසිදු කර හරක් කටාගේ උපදෙස් මත විවිධ පුද්ගලයින් වෙත භාරදීම මොහු විසින් සිදුකර ඇති බවට ද අනාවරණ වී තිබෙනවා.
මේ අතර මහ පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන ප්‍රින්ස් කොලම් නමැත්තාගේ සමීපතමයෙකු ද පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.
ඒ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදියි.
40 හැවිරිදි මොහු වැඩිදුර පරීක්ෂණ සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිසියට භාර දී තිබෙනවා.

Follow US

Most Viewed Stories