අන්තර් විශ්වවිද්‍යාලයීය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනය ලබන මස 3 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද (27) නියෝග කළා.
ඒ මහාධිකරණ විනිසුරුවරයා අද දින නිවාඩු ලබා සිටීම හේතුවෙන්.
අද පෙත්සම සළකා බැලූ අවස්ථාවේ වගඋත්තරකාර වසන්ත මුදලිගේ අධිකරණය හමුවේ පෙනී සිටියා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සඳහන් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ඔහු නිදහස් කර තිබුණා.
එම තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කොට එය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලමිනුයි නීතිපතිවරයා මෙම අභියාචනය කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇත්තේ.

Follow US

Most Viewed Stories