ආරක්ෂක අමාත්‍යවරයා ධුරයෙන් පහ කිරීමත් සමඟ ඊශ්‍රායලයේ දැඩි විරෝධතා

Monday, 27 March 2023 - 11:37

%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F
අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සිය ආරක්ෂක අමාත්‍යවරයා හදිසියේ නෙරපාහැරීමත් සමඟ දස දහස් ගණනක ජනතාව ඊශ්‍රායලය පුරා වීථි බැස විරෝධතාවල නිරතවනවා.

අග්‍රාමාත්‍යවරයාගේ නිවස අසළට රැස්වූ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ජල ප්‍රහාර ද එල්ල කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

තමන්ගේ අධිකරණ ප්‍රතිසංස්කරණ සැළැස්මට අභියෝග කිරීම හේතුවෙනුයි ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් ධුරයෙන් පහ කිරීමට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කටයුතු කර ඇත්තේ.

එමෙන්ම අග්‍රාමාත්‍ය බෙන්ජමින් තෙන්යාහුගේ නව ආණ්ඩු ප්‍රතිසංස්කරණ සැළසුම්වලට එරෙහිව එරට පවතින විරෝධතා ද අඛණ්ඩව ක්‍රියාත්මක අතර, විරෝධතාකරුවන් පවසන්නේ මෙම ප්‍රතිසංස්කරණ හේතුවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි පහරක් එල්ල විය හැකි බවයි


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories