2030 වෙද්දී පුනර්ජනනීය බලශක්තියෙන් 70%ක විදුලි උත්පාදනය කිරීම අරමුණයි - ශෙහාන් සේමසිංහ

Monday, 27 March 2023 - 11:38

2030+%E0%B7%80%E0%B7%99%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%B1%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%B1%E0%B7%93%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BD%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+70%25%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%81%E0%B7%99%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84
2030 වසර වන විට මෙරටට අවශ්‍ය පුනර්ජනනීය බලශක්ති අවශ්‍යතාවෙන් සියයට 70ක විදුලි උත්පාදනයක් සිදු කිරීම අපේක්ෂාව බව මුදල් ‍රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද දේශගුණ සෞභාග්‍ය සැලැස්ම රටේ දේශගුණික අස්ථාවරත්වය තුළ වුව ද අඛණ්ඩ වර්ධනයක් අපේක්ෂා කරන බවයි.

තායිලන්තයේ පැවති ආසියා සහ පැසිෆික් කලාපයේ ආර්ථික හා සමාජ කොමිසමේ (ESCAP) සංසදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙම සංසදය මගින් තිරසර සංවර්ධන අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා යෝජනා විමසීම් සිදු කෙරෙනවා.

එටය රටවල් 53ක සාමූහිකත්වය ප්‍රදර්ශනය කෙරෙනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories