ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම අරමුණු කරගනිමින්, රටේ සෑම ක්ෂේත්‍රයක ම නව ප්‍රවර්ධනයක් ඇති කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙළ යටතේ අවිස්සාවේල්ල නගරයේ තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් 500ක් සඳහා වියළි සහන මළු ප්‍රදානය සිදු කිරීම ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක විසින් සිදු කරනු ලැබුවා.
මෙම වැඩසටහන පැවැත්වුණේ පෙරේදා (25) අවිසාවේල්ල, කොස්ගම Lavenro Garden උත්සව ශාලාවේදියි.
වැරදි ආර්ථික තීන්දු තීරණ හේතුවෙන් බංකොළොත් වූ රට භාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම ආර්ථික පසුබෑමෙන් රට ගොඩගැනීමට ගත් උත්සාහයේ ප්‍රධාන අංගයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට කටයුතු කළ බවයි සාගල රත්නායක සඳහන් කළේ.
එමෙන්ම රටේ විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ලබා දුන් ණයහිමියන් සමඟ සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන හරහා ණය ගෙවීම සඳහා යම් සහන කාලයක් ලබා ගැනීමට එම රටවල් එකඟකර ගෙන තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.

Follow US

Most Viewed Stories