කාදිනල් හිමිගේ පෙත්සමක් සලකා බැලීමට අධිකරණයෙන් දින නියම වෙයි

Monday, 27 March 2023 - 12:12

%E0%B6%9A%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම විසින් නිකුත් කර තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කරන මෙන් නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ගොනුකළ රිට් පෙත්සම සලකා බැලීම සඳහා අභියාචනාධිකරණය දින නියම කළා.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නා.

මෙම පෙත්සම අද (27) කැඳවූ අවස්ථාවේ දී ඊට අදාළ ලේඛන ගොනුකරන ලෙසයි අධිකරණය පාර්ශ්වකරුවන්ට නියම කරනු ලැබුවේ.

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන සහ පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මැයි මස 09 වන දා කැඳවන ලෙස නියෝග කළා.

පෙත්සම්කාර කාදිනල් හිමිපාණන් කියා සිටින්නේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වාලීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව පියවර ගන්නා ලෙස ඒ පිළිබඳ ව සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් නිර්දේශ නිකුත් කර ඇති බවයි.

එම නිර්දේශ ක්‍රියාත්මක කර නොමැති බව පෙන්වා දෙන කාදිනල් හිමිපාණන් ඒවා ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories