සිපෙට්කෝ සේවකයෝ සත්‍යග්‍රහයක (වීඩියෝ)

Monday, 27 March 2023 - 13:10

%E0%B7%83%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E0%B6%9A%E0%B7%9D+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%9D+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B6%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඛනිජ තෙල් සංස්ථා සේවකයින් අද එම සංස්ථා ගොඩනැගිල්ල ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළා.

ඒ රජය විසින් ප්‍රතිව්‍යුහගතකරණයට මුවාවී ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විකුණා දැමීමේ උත්සාහයක නිරත වන බව පවසමින්.

කොළොන්නාව නිමාව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපිටදී අද පෙරවරු 9.30ට පමණ මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේ ඛනිජ තෙල් වෘත්තිය සමිති ඒකමුතුව විසින්.

මේ අතර රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහි වෘත්තීය ක්‍රියාමාර්ගයට මේ දක්වා සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබෙනවා.

රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ ක්‍රියාකලාපයට එරෙහි සිය ඉල්ලීම්වලට ද මෙතෙක් බලධාරීන්ගේ අවධානය යොමුවී නොමැති බවයි එහි සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක සඳහන් කළේ.

මේ අතර රජයේ බදු ප්‍රතිපත්තිය තවමත් ක්‍රියාත්මක බවත් ඊට අන්තර්වාර විසඳුමක් ලබා දෙන ලෙසත් රජයෙන් ඉල්ලා සිටින බවයි රජයේ වෛද්‍ය
නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අඛන්ඩ වැඩ වර්ජනය සහ රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ට මාර්තු මාසයේ වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ආණ්ඩුවේ අසාධාරණ බදු පනතට එරෙහිව මෙරට වෘත්තිකයින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර මේ වනවිට බොහෝ කාලයක් ගතව ඇති බවයි.

නමුත් ඊට විසඳුමක් ලබා නොදී ආණ්ඩුවේ බලධාරීන් විවිධ උපක්‍රම අනුගමනය කරමින් සිටින බවටයි විපක්ෂ නායකවරයා චෝදනා කරන්නේ.

වෘත්තිකයින් ගෙන යන සටන මැඩපැවැත්වීමට ඔවුන්ට එරෙහිව ගෙනයන සදාචාර විරෝධී හා ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණි ක්‍රියාමාර්ග තරයේ හෙළා දකින බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා.

වැඩ වර්ජනය මර්දනය කිරීමේ උපක්‍රමයක් වශයෙන් වැටුප් නොගෙවා සිටීම වැනි ඉතා අශිෂ්ට ක්‍රියාමාර්ගවලට පවා වත්මන් පාලනය එළඹෙමින් සිටින බවත් රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා අත්තනෝමතික ලෙස එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ මාර්තු මස වැටුප අත්හිටුවා ඇතැයි ද විපක්ෂ නායකවරයා පවසනවා.

එබැවින් වහාම ආචාර්යවරුන්ගේ වැටුප් ගෙවීමට කටයුතු කරන ලෙසත් එසේ නොවන්නේ නම් මූලික අයිතීන් උල්ලංඝනයට එරෙහිව ගත හැකි සෑම පියවරයක්ම ව්‍යවස්ථාදායකය හා අධිකරණය තුළදී ගන්නා බවට අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories