IMF සල්ලි ලැබීම ගැන මෙරට ද්විපාර්ශ්වික ණයහිමියන් දැනුවත් කිරීම මාර්තු 30 දා (වීඩියෝ)

Monday, 27 March 2023 - 13:13

IMF+%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B6%AB%E0%B6%BA%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+30+%E0%B6%AF%E0%B7%8F+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුමැතිය හිමි වීම පිළිබඳව මෙරට ද්විපාර්ශ්වික ණය හිමියන් සහ ආයෝජකයින් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මාර්තු 30 වැනිදා පැවැත්වීමට නියමිතයි.

මෙරට සියලුම ණය හිමියන් සමඟ සද්භාවයෙන් සහ පූර්ණ විනිවිදභාවයකින් යුතුව අඛණ්ඩව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ.

මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් මෙම සාකච්ඡාවට සහභාගීවීමට නියමිතයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සාර්ථකව නිම කිරීමට ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම කැපවී සිටින අතර සියලුම ණය හිමියන් සමඟ සද්භාවයෙන් සහ පූර්ණ විනිවිදභාවයකින් යුතුව අඛණ්ඩව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය සඳහා වැදගත් සන්ධිස්ථානයක් බවයි මුදල් අමාත්‍යාංශ ලේකම්
කේ.එම්. මහින්ද සිරිවර්ධන ප්‍රකාශ කරන්නේ.

රාජ්‍ය ණය තත්ත්වයට කඩිනම් විසඳුම් සෙවීමට මෙම සාකච්ඡා ඉවහල් වනු ඇති බව මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

උද්ධමන අනුපාතිකය අඛණ්ඩව මාස පහක් සඳහා අඩු වී ඇති අතර මෙරට විදේශ මුදල් සංචිත 2023 පෙබරවාරියේ දී ඩොලර් බිලියන 2.2 දක්වා වර්ධනය වී ඇති බවයි මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් පවසන්නේ.

ලංකාව නිවැරදි මාර්ගයේ ගමන් කරන නමුත් තව බොහෝ දුර යා යුතුව පවතින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්‍රි මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, මෙරට ආර්ථික කළමනාකරණය නිසි පරිදි සිදු කළහොත් නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට සිදු නොවනු ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories