මොළය ආශ්‍රිත රෝගයක් හේතුවෙන් මියගිය 19 හැවිරිදි ශිෂ්‍යාවකගේ ශරීර අවයවවලින් රෝගී පුද්ගලයින් 7 දෙනෙකුගේ දිවි සුවපත් කිරීමට වෛද්‍යවරුන්ට හැකිව තිබෙනවා.
මෙම සුවිශේෂී දාන පාරමිතාව සිදුකර ඇත්තේ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යාවක්.
විහඟනා නුවන්ති ආරියසිංහ පදිංචිව සිටියේ නිකවැරටිය අඹන්පොළ ප්‍රදේශයේ.
ඇය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක්.
රියදුරෙකු වූ පියාගේත් ගෘහණියක වූ මවගේත් සහෝදර සහෝදරියන් දෙදෙනෙකුගේත් ආදරය මැද විහඟනා මෙවර අපොස උසස් පෙළ විභාගයට ද ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙනී සිටියා.
ඉගෙනීමට උපන් හපන්කම් පෑ විහඟනා හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු අතර විහඟනාගේ මොළය ආශ්‍රිතව ගෙඩියක් හටගෙන තිබූ බවයි හෙළි වුණේ.
අවාසනාවන්ත ලෙස මොළය මිය යමින් තිබූ විහඟනාට තවදුරටත් ජීවත්වීමට වරම් ලබා නොදීමට තරම් දෛවය කුරිරු වී තිබුණා.
මෙයින් දැඩි කම්පාවටත් ශෝකයටත් පත්ව සිටි විහඟනාගේ මව්පියන්ට වෛද්‍යවරුන් පවසා තිබුණේ ඇයගේ ශරීර අවයව රෝගීන් සඳහා පරිත්‍යාග කිරීමේ අවස්ථාව පවතින බවයි.
ඊට එකඟවන මව්පියන් ඒ සඳහා අවසර ලබාදීමෙන් පසු වෛද්‍යවරුන් විහඟනාගේ අවයව රෝගී ජීවිත සුවපත් කිරීම සදහා ලබාගැනීමට පියවර ගෙන තිබුණා.
ඒ අනුව විහඟනාගේ හදවත සහ පෙනහළු දෙක දැඩි ලෙස රෝගාතුරව සිටි නිර්වින්දන වෛද්‍යවරියකුට බද්ධ කිරීමට පියවර ගෙන තිබූ අතර එය මෙරට ශල්‍ය වෛද්‍ය ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සටහන් කළ සැත්කමක්ද වුණා.
ඒ හදවත සහ පෙනහළු දෙක එක්වර රෝගියෙකුට බද්ධ කළ මෙරට ප්‍රථම සැත්කම ලෙසයි.
මෙම ශල්‍යකර්මය සඳහා මෙරට මෙන්ම ඉන්දීය වෛද්‍යවරුන්ගේද සහය හිමිව තිබූ අතර අවයව බද්ද කළ නිර්වින්දන වෛද්‍යවරිය සුවය ලබමින් සිටින බවයි වෛද්‍යවරුන් පවසන්නේ.
මීට අමතරව විහඟනාගේ වකුගඩු දෙක සහ අක්මාව ඒ ආශ්‍රිත රෝගවලින් පීඩා විඳි තවත් රෝගීන් තිදෙනෙකුට බද්ධ කර ඇති අතර ඔවුන්ද මේ වන විට සුවය ලබමින් පසුවනවා.
ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය වෙත විහඟනාගේ දෑස්ද පරිත්‍යාග කර ඇති අතර ඉදිරියේ දී එම දෑසින් තවත් පුද්ගලයෙකු හෝ දෙදෙනෙකු මෙලොව එළිය දකිනු ඇති.
විහඟනාගේ ඇට මිඳුළු ද රෝගීන්ට බද්ධ කිරීම සඳහා පරිත්‍යාග කර ඇති බවයි වෛද්‍යවරුන් පැවසුවේ.
ඒ අනුව විහඟනාගේ අවයවවලින් මිනිස් ජීවිත 7ක් සුවපත් කිරීමට හැකිවීම මහඟු පුණ්‍යකර්මයක්.
සිය ශරීර අවයව දන් දී අනුපමේය දානපාරමිතාවක් පිරූ විහඟනා පසුගිය 25 වැනිදා අඹන්පොළ පොදු සුසාන භූමියේදී ඥාති හිතමිත්‍රාදීන්ගේ සෝ සුසුම් මැද අවසන් ගමන් ගියා.

Follow US

Most Viewed Stories