දකුණ හැඩ කළ උණවටුන ඔත්පල වෙයි (වීඩියෝ)

Monday, 27 March 2023 - 13:30

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB+%E0%B7%84%E0%B7%90%E0%B6%A9+%E0%B6%9A%E0%B7%85+%E0%B6%8B%E0%B6%AB%E0%B7%80%E0%B6%A7%E0%B7%94%E0%B6%B1+%E0%B6%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
දිගින් දිගටම පැමිණි බාධක හමුවේ යන්තම් හිස එසවීමට පටන්ගත් ජාතියක් ලෙස අප සැමවිටම දූරදර්ෂීව කටයුතු කිරීම මේ මොහොත් ඉතා වැදගත්.

නමුත් ඇතැමුන්ගේ නොමනා හැසිරීම හේතුවෙන් තවදුරටත් අප රටට ලෝකය හමුවේ යැපුම් මානසිකත්වයෙන් ජීවත් වන්නට සිදුවේදැයි ඇත්තේ ප්‍රශ්නාර්ථයක්.

මේ, සංචාරක කර්මාන්තය යළි හිස ඔසවමින් පවතින පසුබිමක ඇතැම් පිරිසකගේ අයහපත් ක්‍රියාකළාප හේතුවෙන් පත්ව ඇති බලපෑමයි.

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ උණවටුන ප්‍රදේශය මෙරට සංචාරක කලාප අතර සුවිශේෂී ස්ථානයක් බවට පත්වන්නේ එහි ඇති සිත්ගන්නා සුළු ආකර්ෂණීය බව නිසාමයි.

විදේස් සංචාරකයින් විශාල පිරිසක් දෛනිකව උනවටුන මුහුදු තීරයේ සුන්දරත්වයවිඳගැනීමට පැමිණෙනවා.

පාස්කු ප්‍රහාරයේ බලපෑමත් කොවිඩ් වසංගතයේ බලපෑමත් හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට මරු පහරක් එල්ලවූ බව නොරහසක්.

නමුත් මේවනවිට පැවති ගැටළු නිරාකරණය වෙමින් නැවතත් ශ්‍රී ලංකාව විදෙස් සංචාරකයින්ට සංචාරය කිරීම සඳහා වඩාත් සුදුසු රටක් බවට පත්ව තිබෙනවා.

පවතින ආර්ථික අර්බුදය විසඳීමට සංචාරක කර්මාන්තයෙන් උපයාගන්නා විනිමය සෘජු ලෙස දායක වනවා.

නමුත් මෙරට ඇතැම් පිරිසකගේ නොමනා ක්‍රියාකලාප හේතුවෙන් සංචාරක කර්මාන්තයට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.

මේ අතිශය සිත්ගන්නා සුළු පරිසරයකට හිමිකම් කියන ගාල්ල දිස්ත්‍රික්කයේ උණවටුන සංචාරක කලාපයේ ඇතැමුන්ගේ හැසිරීමේ ප්‍රතිඵලයි.

තැන තැන දමාගොස් තිබෙන කසල හේතුවෙන් සංචාරකයින් දැඩි අපහසුතාවකට පත්ව සිටිනවා.

එමගින් හමා එන දුර්ගන්ධය පරිසර පත්ධතියට ද එල්ල කර ඇත්තේ දැඩි බලපෑමක්.

සංචාරකයින්ට සංචාරය කිරීම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කර දීම පුරවැසියන් ලෙස අප සැමගේ වගකීමක් බව සියල්ලන් මතක තබා ගත යුතුයි.

ඒ ඔස්සේ සෘජු හා වක්‍ර ලෙස වීශාල පිරිසකගේ ජීවනෝපාය මාර්ග ද සැකසී තිබෙනවා.

සංචාරක කර්මාන්තයේ අඩාලවීමේ බලපෑම අත්විඳි ජනතාවක් ලෙස මීට වඩා දූරදර්ශී ලෙස ක්‍රියාකිරීම අප සියළු දෙනාගේම වගකීමක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories