දේශීය බිත්තර කර්මාන්තය ආරක්ෂා කිරිමට වහා මැදිහත්වන්නැයි නිෂ්පාදකයන් රජයෛන් ඉල්ලීමක් කරනවා.
සමස්ත ලංකා බිත්තර නිෂ්පාදක සංගමයේ භාණ්ඩාගාරික විජය අල්විස් අද (27) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ බිත්තර නිෂ්පාදනය පහත වැටී ඇති අතර, දෛනිකව නිෂ්පාදනය වන්නේ බිත්තර ලක්ෂ 2 ක් පමණ බවයි.
මේ අතර අඩු ආදායම්ලාභි පවුල් ලක්ෂ 29 කට නොමිලේ සහල් බෙදාදීමේ වැඩසටහන අගුණකොලපැලැස්ස සහ වීරකැටිය ප්‍රදේශවලින් අද ආරම්භ වුණා.
මෙවර මහකන්නයේදී ගොවි ජනතාවගෙන් රජය මිලදී ගත් වී තොග, සහල් බවට පත් කර ඒවා මෙසේ අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදාහැරෙන බවයි විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ.
එක් පවුලකට මසකට සහල් කිලෝග්‍රෑම් 10 ක් බැගින් මාස දෙකක් සහල් නොමිලේ ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
මෙම සහල් සහනාධාරය පළමුව පවුල් ලක්ෂ විස්සකට ලබාදීමට සැළසුම් කර තිබුණත් පසුව එය ලක්ෂ 29 ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කළා.
කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, ගාල්ල සහ මාතර ඇතුලු තවත් දිස්ත්‍රික්ක කිහිපයකට පළමු අදියර යටතේ සහල් බෙදාහැරීම සිදු කෙරෙනවා.
එමෙන්ම මෙවර වී අස්වැන්න නෙළීම ආරම්භ කළ ද තමන්ට වී සඳහා නිසි මිලක් නොලැබෙන බවට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකාපුර - පුලස්තිගම ගොවීන් චෝදනා කරනවා.
ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ වී කිලෝවක් සඳහා රුපියල් 100 ත් 120 ත් අතර මිලක් ලබාදෙන ලෙසයි.

Follow US

Most Viewed Stories