අත්අඩංගුවට ගෙන ඇති බෝට්ටු ලබා ගැනීමට උත්සාහ කරනවා - ආර්.සෙල්වම්

Monday, 27 March 2023 - 13:53

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%84+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A.%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
ශ්‍රී ලංකා රජය විසින් අත්අඩංගුවට ගෙන ඇති කරෙයිකාල්හි යාන්ත්‍රික බෝට්ටු තවමත් ලංකාව තුළ පවතින බවත්, එම බෝට්ටු නොමැතිව කරෙයිකාල්හි ධීවර ජනතාවගේ ජීවනෝපාය අඩාල වී ඇති බැවිත් ඒවා නැවත ලබා ගැනීමට උත්සාහ කරන බවත් ඉන්දියාවේ පුදුචේරි ප්‍රාන්ත සභාවේ කතානායක එම්බලම් ආර්. සෙල්වම් පවසනවා.

කතානායකවරයා මේ බව සඳහන් කළේ ඉන්දීය රුපියල් ලක්ෂ 43.4කට ඉන්දියාවේ කරකායිල් ධීවර වරායේ සංවර්ධන කටයුතු සඳහා මුල්ගල් තැබීම උත්සවයකට එක්වෙමින්.

තවදුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ ඉන්දීය ප්‍රවාහන අමාත්‍යවරයා මෙන්ම තමන් ද නුදුරේදීම ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවත්වීම සඳහා ලංකාවට පැමිණීමට අදහස් කරන බවයි.

පසුගිය වසර කිහිපය තුළ ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ තමිල්නාඩු සහ කරෙයිකාල් ප්‍රදේශවලින් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා රැසක් ශ්‍රී ලංකා රජය විසින් සිය අත්අඩංගුවට ගනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories