ජාතික ජනබලවේගය විසින් පසුගිය මස 26 වැනිදා කොළඹ පැවැත්වූ විරෝධතාවය විසුරුවා හැරීම සඳහා එල්ලකරන ලද කදුළු ගෑස් කල්ඉකුත්වී නොමැති බව පොලිස් මහජන ආරක්ෂක කොට්ඨාසයේ අධ්යක්ෂවරයා අද (27) අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.
ඔහු මෙම දැනුම් දීම සිදුකරනු ලැබුවේ කොළඹ - කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ විසින් නිකුත් කළ නියෝගයකට අනුවයි.
පොලිසිය එල්ලකළ ජල හා කදුළු ගෑස් ප්රහාරයෙන් පසු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජාතික ජනබලවේගයේ නිවිතිගල ප්රාදේශීය සභාවේ අපේක්ෂක නිමල් අමරසිරි කොළඹ ජාතික රෝහලට ඇතළත් කිරීමෙන් අනතුරව ජීවිතක්ෂයට පත්ව තිබුණා.
එම අවස්ථාවේ දී චෝදනා එල්ල වූයේ පොලිසිය එල්ල කළ කදුළු ගෑස් ප්රහාර හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්වූ බවටයි.
ඒ අනුවයි මෙම කදුළු ගෑස් ප්රහාර සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පසුගිය 13 වැනිදා කොටුව මහේස්ත්රාත්වරයා පොලිස් මහජන ආරක්ෂක කොට්ඨාසයේ අධ්යක්ෂවරයාට නියෝග කරනු ලැබුවේ.

Follow US

Most Viewed Stories