ඡන්ද වැදගත් වෙන්නේ ජයග්‍රහණය කළ හැකිනම් පමණයි - අනුර දිසානායක (ඡායාරූප)

Monday, 27 March 2023 - 17:31

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92++-+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ජනපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මැතිවරණය කඩාකප්පල් කරන්නේ ඔවුන්ට ඡන්ද අහිමි වී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කිරීමට ජනතාව පෙළගැසෙමින් සිටින නිසා බව එහි නායක අනුර කුමාර දිසානායක පසුගිය දා (26) ප්‍රකාශ කළා.

ඒ, පානදුර නගරයෙහි පැවති ජාතික ජන බලවේගයේ රැළියක් අමතමින්.

එමෙන්ම, 2019 වර්ෂයේ දී ඩොලර් බිලියන 85ක තිබුණු ලංකාවේ ආර්ථිකය 2022 අවසන් වන විට ඩොලර් බිලියන 65 දක්වා කඩා වැටී තිබෙන බවත්, ලංකාවට ආසන්නයේ ඇති මාලදිවයිනේ ඒක පුද්ගල ආදායම ඩොලර් 13,500ක් වන විට ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 3000 දක්වා අඩු මට්ටමකට වැටී තිබෙන බවත් ඔහු සඳහන් කරනවා.

තවද රට සංවර්ධනය කිරීමේ දී නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම ශිෂ්ට සම්පන්න සමාජයක් පැවතීමට අත්‍යාවශ්‍ය කරුණක් බවත්, තරුණ පරම්පරාවට නව අවස්ථා සලසා දෙමින් ලෝකය ජයගත හැකි රටක් ගොඩනැගීමේත්, අද දුප්පත්කමේ ගිලටීනයට හෙළා තිබෙන රට ගොඩනැගීමේ වගකීම ජාතික ජන බලවේගය බාර ගන්නා බවටත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories