අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල් බෙදාදීමේ වැඩසටහන ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ වුණා.
තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දෙමටගොඩ, නාරාහේන්පිට සහ වැල්ලවත්ත ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් එම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.
ඒ අනුව, දෙමටගොඩ, මිහිඳුසෙන්පුර ප්‍රජා ශාලාවේදී ප්‍රතිලාභීන් 995 දෙනෙකු වෙනුවෙන් ද, නාරාහේන්පිට දාබරේ මාවත ප්‍රජා ශාලාවේ දී ප්‍රතිලාභීන් 448 දෙනෙකු වෙනුවෙන් ද, වැල්ලවත්ත රන්ජන් විජේරත්නපුර ප්‍රජා ශාලවේ දී ප්‍රතිලාභීන් 169 දෙනෙකු වෙනුවෙන් ද සහල් මලු බෙදාදීම සිදු වුණා.
2022/ 2023 මහ කන්නයේ රජයේ වී මිල දී ගැනීම් සහ වී තොග බැහැර කිරීමේ වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල් වෙත නොමිලේ මෙම සහල් බෙදා දීමේ වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ක්‍රියාවට නංවා තිබෙනවා.
එක් පවුලකට මසකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස දෙකක් සඳහා නොමිලේ බෙදා දෙනු ලබන බවයි වාර්තා වෙන්නේ.
මෙම සහල් සහනාධාරය මීට පෙර පවුල් ලක්ෂ 20කට ලබා දීමට සැලසුම් කර තිබුණ ද පසුව එය ලක්ෂ 29 දක්වා වැඩි කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි පියවර ගැනුණු අතර කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, ගාල්ල, මාතර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක පළමු අදියර යටතේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.
දෙමටගොඩ, මිහිඳුසෙන්පුර ප්‍රජා ශාලාවේ පැවති වැඩසටහනේ දී අදහස් දැක්වූ සාගල රත්නායක පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව ආගාධයකට යමින් තිබු අවස්ථාවකදි එහි හැරවුමක් සනිටුහන් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් වැඩසහනින් හැකියාව ලැබුණු බවයි.
එම වැඩසටහන සමඟ අනුගතවීමේ දී ගතයුතු පියවර අසීරු වූව ද රජයක් ලෙස එම සියලු දැඩි තීන්දු තීරණ ගනු ලැබුවේ දුෂ්කර කෙටි කාලසීමාවකින් පසුව ජනතාවට වඩා හොඳ ජීවන තත්ත්වයක් ඇති කර දීමට හැකියාව ලැබෙන නිසා බව ද ඔහු පෙන්වා දුන්නා.
වැරදි ආර්ථික තීන්දු තීරණ හේතුවෙන් රටේ ආර්ථික අර්බුදයක් නිර්මාණය වූ බව පැවසූ සාගල රත්නායක අද (27) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රට නිවැරදි ආර්ථික වැඩපිළිවෙළකට ගෙන යමින් සිටින බව ද පැවසුවා.
මෙම අවස්ථාවට පැමිණ සිටි ජනතාවගේ තොරතුරු විමසූ සාගල රත්නායක ඔවුන් ඉදිරිපත් කළ ගැටලු කිහිපයකට ද සවන් දුන්නා.

Follow US

Most Viewed Stories