විදෙස් සමාගම් 3ක් සඳහා මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළ සඳහා පිවිසීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
මෙලෙස අවසර හිමිව ඇත්තේ Sinopec, United Petroleum සහ RM Parks of USA යන සමාගම් වෙතටයි.
එමගින් අදාළ විදෙස් සමාගම් සඳහා දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි නියෝජිතයින් හරහා මෙහෙයවනු ලබන ඉන්ධන පිරවුම්හල් 150ක් බැගින් 450ක් වෙන් කරනු ලැබේ.
තවද තෝරාගත් සෑම සමාගමක් විසින්ම නව ඉන්ධන පිරවුම්හල් 50ක් ඉදිකිරීම හරහා මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළට පිවිසීමට අවසර හිමිවනු ඇති.
ඒ අනුව, අදාළ සමාගම් වෙත වසර 20ක් දක්වා ක්‍රියාත්මක වන බලපත්‍රයක් හිමිවන බවයි වාර්තා වෙන්නේ.
තවද එමගින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමට, ගබඩා කිරීමට, බෙදා හැරීමට සහ අලෙවි කිරීමට අවසර හිමිවනු ඇති.

Follow US

Most Viewed Stories