කොටහේන - හෙට්ටියාවත්ත මංසන්ධිය ආසන්නයේ මළ අපවහන පද්ධතියක් ප්රතිසංස්කරණය කිරීමට යාමේදී ඊට ඇඳ වැටුණු කොළඹ මහනගර සභාවේ සේවකයින් දෙදෙනො ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මරදාන ප්රදේශයේ පදිංචි 22 හැවිරිදි සහ 38 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක්.
මොවුන් අද (27) දහවල් මළ අපවහන පද්ධතිය ප්රතිසංස්කරණය කිරීම සඳහා ගොස් ඇති අතර එම අවස්ථාවේදී එක්වරම ඔවුන් සිහිසුන්ව ඊට ඇඳවැටී තිබෙනවා.
පසුව කොළඹ මහනගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඔවුන් මුදා ගැනීමෙන් අනතුරුව ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.
කෙසේ වෙතත් ඒ වන විටත් ඔවුන් දෙදෙනා මියගොස් සිටි බවයි රෝහල් ප්රකාශකයෙකු සඳහන් කළේ.

Follow US

Most Viewed Stories