කිරි තේ කෝප්පයත් ගැසට් කරන්නැයි ඉල්ලීමක් (වීඩියෝ)

Monday, 27 March 2023 - 20:10

%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කිරි තේ කෝප්පයක මිල රුපියල් 90ක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආපනශාලා හිමියන්ගේ සංගමය අද (27) පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ ඇතැම් ආපනශාලාවල රුපියල් 90ක මිලට කිරි තේ ලබා නොදෙන බවට වාර්තා වීම සැළකිල්ලට ගනිමින්.

රුපියල් 1,240කට අලෙවි වූ ග්‍රෑම් 400යේ කිරිපිටි පැකැට්ටුවක මිල අද සිට රුපියල් 80කින් අඩු කෙරුනු අතර කිලෝ ග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 200කින් අඩු කෙරුණා.

ඒ අනුව ග්‍රෑම් 400යේ කිරිපිටි පැකැට්ටුවක නව මිල රුපියල් 1,160ක් බවත්, කිලෝ ග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 2,900ක් බවත් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළා. එහෙත් අඩුකළ මිලට අද දිනයේ කිරිපිටි මිලට ගැනීමට නොතිබූ බවයි ජනතාව චෝදනා කළේ.

මිල අඩු කිරිමත් සමඟ කිරි තේ කෝප්පයක මිල රුපියල් 90ක් දක්වා අද (27) සිට අඩු කිරිමට ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණය කළා.

කෙසේ වෙතත් ජනතාව චෝදනා කරන්නේ, අඩු කල මිලට ඇතැම් ආපන ශාලා හිමියන් කිරි තේ ලබා දීමට කටයුතු නොකළ බවයි.

එමෙන්ම ආපන ශාලා හිමියන් ද කිරි තේ මිල ගණන් අඩු කළ නොහැකි බවයි සඳහන් කළේ.

මෙවන් පසුබිමකයි කිරි තේ කෝප්පයක මිල ගැසට් කරන්නැයි ඉල්ලා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙත පැමිණිලි කිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමය අද (27) පියවර ගනු ලැබුවේ.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වී ඇති පසුබිමක ඉහළ දැමූ භාණ්ඩ බොහොමයක මිල ගණන් වෙළදුන් විසින් පහත දමා නැහැ.

ඒ සම්බන්ධයෙන් සහ කිරි පිටි මිල ගණන් පිළිබඳව අප පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ලගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ සමාගම් අඩුකළ මිලට වඩා වැඩි ප්‍රමාණයකින් කිරිපිටි අඩුකිරීමේ හැකියාව පවතින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories