SLIM KANTAR ජනතා සම්මාන උළලේ දී හිරු මාධ්‍ය ජාලය සම්මාන රැසකින් පිදුම් ලබයි (වීඩියෝ)

Monday, 27 March 2023 - 20:49

SLIM+KANTAR+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%8B%E0%B7%85%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
විශිෂ්ඨත්වය යළි යළිත් තහවුරු කරමින් 2023 ස්ලිම් කැන්ටර් ජනතා සම්මාන උළෙලේ දී ජනතාවගේ විශිෂ්ඨම නාලිකා ලෙස හිරු එෆ්.එම්., ෂා එෆ්.එම්, සූරියන් එෆ්.එම් සහ හිරු ටී.වී නැවතත් පිදුම් ලැබුවා.

ශ්‍රී ලංකා අලෙවිකරන ආයතනය 17 වන වරටත් මෙහෙය වූ ස්ලිම් කැන්ටර් ජනතා සම්මාන උළෙල කොළඹදී ඊයේ පැවැත්වුණේ, සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන්.

එහිදී වසරේ විශිෂ්ඨතම ගුවන් විදුලිය නාලිකාව ලෙස හිරු එෆ්.එම් යලිත් වරක් ජනතා සම්මානයට පාත්‍ර වුණා.

එමෙන්ම වසරේ විශිෂ්ඨතම ගුවන් විදුලි වැඩසටහන ලෙස සම්මානයට පාත්‍ර වූයේ ද හිරු එෆ්.එම්. බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව් ඩී.ජේ. අරා ඇන්ඩ් පැස්බරා වැඩසටහනයි.

වසරේ තාරුණ්‍යයේ නාලිකාව ලෙස ජනතාවගේ සම්මානයට පාත්‍ර වූයේ සහෝදර ෂා එෆ්. එම්. ගුවන් විදුලියයි.

වසරේ විශිෂ්ඨතම දමිළ ගුවන් විදුලි නාලිකාව ලෙසින් සම්මානයට පාත්‍ර වූයේ ද හිරු එෆ්.එම්. හි සහෝදර නාලිකාවක් වන සූරියන් එෆ්.එම්. නාලිකාවයි.

එමෙන්ම වසරේ විශිෂ්ඨතම ප්‍රවෘත්ති සපයන්නා ලෙස හිරු ටී.වී 5 වන වරටත් ජනතා සම්මානයට පාත්‍ර වූණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories