General29 March 2023

ක්‍රිප්ටො කරන්සි ගැන මහබැංකුවෙන් දැනුවත් කිරීමක්

අතත්‍ය මුදල් වර්ගයක් ලෙස සැලකෙන ක්‍රිප්ටො කරන්සි භාවිතය සහ එහි ආයෝජනය කිරීමේ අවදානම සම්බන්ධයෙන් සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස මහබැංකුව ජනතාවට නැවත අවධාරණය කරනවා.

ක්‍රිප්ටො කරන්සි භාවිතය ලාභදායී ආයෝජනයක් ලෙස ඇතැම් පාර්ශව විසින් ප්‍රවර්ධනය කෙරෙන අතර මහබැංකුව පවසන්නේ එලෙස සිදුකළ ආයෝජන වලින් ජනතාවට විශාල මූල්‍ය පාඩු සිදුවී ඇති බවයි.

එම මූල්‍ය වංචාවන්වල සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බැවින් තම ධනය ආරක්ෂා කර ගන්නා ලෙස මහබැංකුව ප්‍රකාශ කරනවා.

එසේම, ක්‍රිප්ටො කරන්සි සම්බන්ධ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට මහබැංකුව අවසර ලබාදී නැහැ.
Related recommendation
Hiru TV News | Programmes