ආන්දෝලනාත්මක වීඩියෝ පටය සම්බන්ධයෙන් දලායි ලාමා ලෝකයෙන්ම සමාව ගනී

Monday, 10 April 2023 - 17:36

%E0%B6%86%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9D%E0%B6%BD%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%E0%B6%B4%E0%B6%A7%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%BD%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
තමා විසින් කුඩා පිරිමි දරුවෙකු සිප ගන්නා වීඩියෝවක් ආන්දෝලනයකට තුඩු දීමත් සමඟ ටිබේටයේ ආධ්‍යාත්මික නායකයා නොහොත් දලයි ලාමා තුමා සමාව ඉල්ලා තිබෙනවා.

මෙයට හේතුවන්නේ, දලයි ලාමා තුමා පිරිමි ළමයෙකුගේ දෙතොල් සිප ගනිමින් 'ඔහුගේ දිව උරා බොන්න' යැයි පවසන සමාජ ජාලා තුළ පැතිරී ගිය වීඩියෝ පටයක්.

මෙම දර්ශන සමාජයේ දැඩි විවේචනයකට තුඩු දී ඇති අතර බොහෝ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් එය අනුචිත මෙන්ම බලහත්කාරී ක්‍රියාවක් ලෙස පවසනවා.

අදාළ සිද්ධිය සිදුවන්නේ, ඉකුත් පෙබරවාරි (28) වන දින දේපළ වෙළඳාම් සමාගමක් වන M3M සමූහයේ දානපති අංශය වන M3M පදනම විසින් සංවිධානය කරන ලද නිපුණතා පුහුණු වැඩසටහනක් සම්පූර්ණ කළ සිසුන් 120 ක් සහභාගී වූ වැඩසහනකදී ධර්මශාලා හි දලයි ලාමාගේ විහාරස්ථානයේදීයී.

මෙම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ සංසරණය වන්නේ, පදනම විසින් මාර්තු මාසයේ මෙම වැඩසටහනේ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත උඩුගත කිරීමෙන් අනතුරුවයි.

අදාළ වීඩියෝවේ, පිරිමි ළමයා දලයි ලාමා වැළඳ ගැනීමට හැකි දැයි විමසනු දක්නට ලැබෙන අතර අනතුරුව දලායි ලාමා තුමා "පළමුව මෙතන" කියමින් ඔහුගේ කම්මුල පෙන්නන අතර පිරිමි ළමයා ඔහුගේ කම්මුල සිප ගනිමින් ඔහුට වැළඳ ගනු දක්නව ලැබෙනවා.

ඉන්පසු දලයි ලාමා පිරිමි ළමයාගේ අතින් අල්ලාගෙන ඔහුගේ දෙතොල් පෙන්වා "මම හිතන්නේ මෙතන" යැයි පවසා පිරිමි ළමයාගේ තොල් ද සිපගන්නවා.

ඔහු පසුව තම නළල පිරිමි ළමයාගේ නළලට තබා, ඔබේ දිව දිගු කිරීමට පෙර, "මගේ දිව උරන්න" යනුවෙන් පසනවා. එහිදී පිරිමි ළමයා දලයි ලාමාගෙන් මඳක් ඉවත් වීමට සිය පෙර දිව දිගු කරනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන දලායි ලාමා තුමා තම නිල නිල ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ ඔහුගේ වචනවලින් ඇති වූ 'රිදවීම' ගැන තමා කනගාටු වන බවත් වෛරල් වූ වීඩියෝවේ සිටින පිරිමි ළමයාගෙන්, ඔහුගේ පවුලේ අයටගෙන් සහ 'ලෝකයේ පුරා සිටින මිතුරන්ගෙන්' තමා සමාව අයැද සිටින බවයි.

එමෙන්ම සාමාන්‍යයෙන් ඔහු මිනිසුන් සමඟ සෙල්ලක්කාර සහ අහිංසක ආකාරයෙන් කටයුතු කිරීමට නැඹුරු වන බවත් මෙම සිදුවීම ගැන ඔහු කණගාටු වන බවත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔහුගේ කාර්යාලයෙන් නිකුත් කළ නිල ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories