සුඩානයේ ගැටුම් තවත් උත්සන්න වෙයි

Monday, 17 April 2023 - 9:24

%E0%B7%83%E0%B7%94%E0%B6%A9%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
විදෙස් වාර්තා සඳහන් කරන්නේ, සුඩාන හමුදාව සහ සන්නද්ධ කණ්ඩායම් අතර පවතින ගැටුම් තවදුරටත් වර්ධනය වෙමින් පවතින බවයි.

එම ගැටුම්වලින් 50 කට අධික පිරිසක් මියගොස් දහසකට වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව සඳහන්.

සුඩාන හමුදා විසින් කැරළිකරුවන්ගේ කඳවුරකට ගුවන් ප්‍රහාර ද එල්ල කර ඇති අතර, ඔවුන් අත්පත්කරගත් මිරෝව් ගුවන් තොටුපලද යළි හමුදාව යටතට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ජනතාවට නිවෙස්වල රැඳී සිටින ලෙස සුඩාන හමුදාව දැනුම්දී ඇති අතර, ඊයේ ජනාධිපති මන්දිරය, රාජ්‍ය රූපවාහිනිය සහ හමුදා මූලස්ථානය ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ලවී තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories