චීන ආරක්ෂක ඇමති ඉන්දියාවට

Thursday, 27 April 2023 - 16:29

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
චීන ආරක්ෂක අමාත්‍ය ලී ශැන්ග්ෆු අද ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබෙනවා.

ඒ හෙට පැවැත්වීමට නියමිත ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ආරක්ෂක අමාත්‍යවරුන්ගේ සමුලුවට සහභාගිවීම සඳහායි.

මෙම සංචාරය අතරතුර චීන ආරක්ෂක අමාත්‍යවරයා ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සමඟ ද්වීපාර්ශවික හමුවක් පැවැත්වීමට ද සැළසුම් කර තිබෙනවා.

චීන - ඉන්දු දේශසීමාවේ පිහිටි ගල්වාන් කලාපයේ පසුගිය වසරේ ඇති වූ දේශසීමා ගැටුම්වලින් පසුව චීන ආරක්ෂක අමාත්‍යවරයා ඉන්දියාවේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories