පුද්ගලයන් 150කට අධික පිරිසක් රැගත් ඩුබායි ගුවන් යානයක් සඳුදා (24) නේපාලයේ කත්මණ්ඩු නුවර ත්‍රිභුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගුවන්ගත වූ විගස එහි එක් එන්ජිමක ගිනිගෙන තිබෙනවා.
නේපාල මගීන් 50 දෙනෙකු ඇතුළුව 150 දෙනෙකුට වැඩි පිරිසක් යානයේ සිටි බවයි විදෙස් පුවත් සේවාවන් වාර්තා කළේ.
ගුවන් යානය නැවත ගුවන් තොටුපළට ගොඩබෑමට උත්සාහ කරන බවත් මේ හේතුවෙන් ගිනි නිවන රථ සීරුවෙන් තබා ඇති බවත් විදෙස් පුවත් මුලින් වාර්තා කළ අතර පසුව නේපාල සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ෆ්ලයි ඩුබායි ගුවන් යානය එහි ගමනාන්තය වෙත ගමන් කරමින් සිටින අතර එහි එක් එන්ජිමක් ක්‍රියාත්මක වන බවයි.
Fly Dubai Flight 576 Kathmandu to Dubai දැන් සාමාන්‍ය තත්වයක පවතින අතර ගුවන් ගමන් සැලැස්මට අනුව එහි ගමනාන්තය වන ඩුබායි වෙත ගමන් කළ බවත් Kathmandu ගුවන් තොටුපළ මෙහෙයුම් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවත් එහි සඳහන් වුණා.

Follow US

Most Viewed Stories